mediahumanrights.lk
Local News News

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි


රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.
මේ වන විට ඉන් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
රක්ෂිතය මධ්‍යයේ ගින්න හට ගෙන ඇති බැවින් ගිනි නිවීමේ කණ්ඩායම්වලට ද මෙතෙක් එම ස්ථානයට ළගා වීමට හැකියාවක් ලැබී නොමැති අතර මින් කිසිඳු ජීවිත හානියක් සිදු ව නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.

Related posts

බැසිල් රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටවෙයි

Shiran Viraj

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…

Shiran Viraj

සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවා

Shiran Viraj