ජනාධිපතිතුමා සමග ජනපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡවකින් අනතුරුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන බංකොලොත් එක්සත් ජාතික පක්ෂය සමග තමන් කිසි විටකත් එක් නොවන බවයි.
කතානායක කරු ජයසුරිය මහතා දඩමීමා කර ගනිමින් ව්‍යවස්ථානුකුලව විසිරවූ පාර්ලිමේන්තුව තුල වගේම රට තුලත් අර්බුධයක් නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය සැබෑවටම ජනතාව ඉදිරියට යාමට විශාල බියක් දැක්වීම නිසා මැතිවරණය වලක්වමින් මේ සිදු කරන මේ නිහීන ක්‍රියාව තරයේ හෙලා දකින අතර බල තණ්හාව පෙරදැරි කරගත් එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි සිදු කරන බල අරගලය සදහා තමන් කිසිවිටෙකත් සම්බන්ධ නොවන බවද ඔහු කියා සිටී.
මේ දිනවල එක්සත් ජාතික පක්ෂය විසින් මහ බැංකු බැදුම්කර මංකොල්ලයේ සල්ලි විසික් කරමින් මන්ත්‍රී ඔළු ගෙඩි මිලදී ගැනීම සිදු කලත් තමන් එම මුදල් වලට විකිණෙන්නේ නැති බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
(under the courtesy of lankacnews.com news web)