2026-09-15
mediahumanrights.lk
Local NewsNews

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

කරාපිටිය ශික්ෂණ රෝහලේ රථ ගාලේ වාහන නවතා තැබීම සම්බන්ධයෙන් රෝහල් වෙද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන් සිය මෝටර් රථ නවතා තබන ස්ථානයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ද මෝටර් රථ නවතා තැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව වාර්තා වෙයි.
රථ ගාලේ මෝටර් රථය නවතා තැබූ විශේෂඥ වෛද්‍යවරයෙකු සිය රථයේ රෝදය ගලවාගෙන ගොස් තිබීම හේතුවෙන් සෙසු වාහන පිටතට ගත නොහැකි තත්ත්වයක් ඊයේ(11) ඇති වී බේ.
එම විශේෂඥ වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පවසා ඇත්තේ එම රෝදයේ සුළං බැස ඇති නිසා තමා එය ගලවාගෙන ගිය බවයි.
ඊයේ දිනයේ වෛද්‍යවරුන් අතර ගැටුමක් ඇතිවිම වැලැක්විම සඳහා රෝහල් රථ ගාල වෙත පොලීසිය ද යොදවා ඇති අතර රෝහල් අධ්‍යක්ෂවරයා විසින් විසඳුම් ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාව

Shiran Viraj

Soon you'll be able to travel from London to Scotland in just 45 minutes

Shiran Viraj

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

Shiran Viraj
Translate »