mediahumanrights.lk
NewsSportsSports News

එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න

ලංකාවට ඇදහැලෙන මහා වැස්ස නිසා රටම Cool වෙලා තියෙන්නේ. හැබැයි හෙට ඉඳන් රටම ක්‍රිකට් උණුසුමෙන් රත් වෙන්න නියමිතයි. හැබැයි දැන් ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි වැස්සට එංගලන්ත තරඟාවලිය හේදිලා යයිද කියන එක.
ඒ නිසා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟ පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගන අවට කාලගුණය ගැන හොයා බැලුවා. එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය හෙට ආරම්භ වෙනවා. ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි වාර්තා වලට අනුව හෙට දඹුල්ලට වලාකුළු වලින් බරවුන කාලගුණයක් තමයි තියෙන්නේ. කොහොම වුනත් දහවල් කාලයේදී කෙටි වැසි ඇතිවෙන්න පුළුවන්.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවෙනි තරඟය පැවැත්වෙන්නේ 13 වෙනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේමයි. තරඟය උදෑසන 10.30 ට ආරම්භ වෙනවා. ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි වාර්තා වලට අනුව 13 වනදා දවස පුරාවටම දඹුල්ලට වැසි සහිත කාලගුණයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම දහවල් කාලයේ ඉඳන් තද වැසි ඇති වෙන්න පුළුවන්.
ලබන 17 වනදා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර 3 වන එක්දින තරඟය පැවැත්වෙනවා. ඒ නුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී. තරඟය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟයක් විදියට. ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි වාර්තා වලට අනුව 17 වනදා දහවල් කාලයෙන් පස්සේ වැසි සහිත කාලගුණයක් තමයි තියෙන්නේ. තරඟය පැවැත්වෙන කාලසීමාවේදී තද වැසි ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සහ රජයේ වගකීම

Shiran Viraj

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj
Translate »