2026-07-07
mediahumanrights.lk
Local NewsNews

හබරාදුවේ වෙඩි තැබීමක්

හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ.
තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ පුද්ගලයා සොයාගෙන ඇති අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසීය.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගාල්ල, තෙංකල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඔව්! මං සාම්ප්‍රදායික නැහැ

Shiran Viraj

රජිනි කාන්ත් යාපනයට එනවලු

Shiran Viraj

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

Shiran Viraj
Translate »