30 C
Colombo
2026-09-16
mediahumanrights.lk
NewsSportsSports News

ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැ

සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් ගේ සහභාගිත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. ඒ ඉකුත්දා අවසන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි 20 තරගාවලියේදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක සිදුවූ අස්ථි පිපිරීමක් හේතුවෙන්.

ඊට අමතරව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක අකිල ධනන්ජයටද ආසියානු කුසලානයේ පළමු තරග දෙක අහිමි වන බව සදහන්. ඒ ඔහුගේ බිරිඳ සිය පළමු දරු ප්‍රසුතිය සදහා සුදානම්ව සිටීම හේතුවෙන්.

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් ගේ සහභාගිත්වය ආසියානු කුසලානයේදී අවිනිශ්චිත වුවහොත් ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබෙන බවයි ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින සහ විස්සයි 20 සංචිතයට නිරෝෂන් දික්වැල්ල ඇතුලත් වුයේ නැහැ.

අකිල ධනංජය තරගාවලිය අතර වාරයේදී කණ්ඩායම සමග එක්වීමට නියමිත බැවින් ඔහුගේ අඩුව පිරවීමට මේ වන විටත් සංචිතයේ සිටින දිල්රුවන් පෙරේරා ගෙන් හැකිවනු ඇති.

ආසියානු කුසලානයේ ආරම්භක තරගය බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Shiran Viraj

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්

Shiran Viraj
Translate »