28 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්‍ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (Protection of the State from Terrorism Act – PSTA) යටතේ හුදෙක් දේශපාලන මතයක් ලෙස ‘වෙනම රාජ්‍යයක්’ (වෙනම රටක්) හෝ ‘ෆෙඩරල් පාලන ක්‍රමයක්’ ඉල්ලා සිටීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ගණයට නොවැටෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, තහනම් කරන ලද සංවිධානයක තොරතුරු හුවමාරු කර ගැනීම නව පනත යටතේ කුමන තත්ත්වයකට පත්වන්නේදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

දැනට මෙරට තහනම් කර ඇති සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවතියද, නව පනතේ සෑම වගන්තියක්ම රඳා පවතින්නේ ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ යන්න නීත්‍යානුකූලව නිර්වචනය කර ඇති ආකාරය මත බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳව උදාහරණයක් ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළේය: “උදාහරණයකට අපි හිතමු ‘X’ කියලා අලුතින් සංවිධානයක් බිහිවෙනවා. ඒ අය කියනවා අපිට වෙනම රටක් ඕනේ කියලා, නැත්නම් වෙනම ෆෙඩරල් එකක් ඕනේ කියලා. එය ඔවුන්ගේ දේශපාලන මතයයි. මේ නව පනත යටතේ එවැනි ඉල්ලීමක් ත්‍රස්තවාදයක් හැටියට අහුවෙන්නේ නැහැ. මොකද, නීත්‍යානුකූල දේශපාලන දේශනය ඇතුළත යම් මතයක්, විශ්වාසයක්, විවේචනයක් හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙමඟින් ආරක්ෂා කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ රෙගුලාසි පැත්තකින් තිබ්බොත්, වෙනත් කිසියම් පාර්ශ්වයක් එවැනි දේශපාලන මතයක් දැරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට අර්ථකථනය වෙන්නේ නැහැ.”

Related posts

ඔබත් ජංගම දුරකථනයේ වහලෙක් ද? ජංගම දුරකථනයට ඇබ්බැහිවීම රෝගයක්

Shiran Viraj

රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..

Shiran Viraj

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

Shiran Viraj
Translate »