mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට

මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගෙන එන නැව් තුනක් ඔක්තෝබර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර ඇතැයි News 1st වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, පළමු නැව ඔක්තෝබර් 22 දින පැමිණීමට නියමිත අතර, අනෙක් නැව් දෙක ඔක්තෝබර් 25 සහ 30 දිනවල පැමිණීමට සැලසුම් කර තිබේ. පොහොර තොග චීනයෙන් මෙරටට ගෙන එන බවද වාර්තාවේ සඳහන් වේ.

මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 180,000ක් පමණ අවශ්‍ය වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළ බව එම පුවතේ දැක්වේ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයි

Shiran Viraj

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Shiran Viraj

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

Shiran Viraj
Translate »