30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයි

ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඉදිරි මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ මේ වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බවට වාර්තා පළවන බවයි.

ලෝක වෙළෙඳපොළේ සිදුවන මෙම මිල ඉහළ යාමේ සෘජු බලපෑම මෙරටට දැනීමට සාමාන්‍යයෙන් මාස එකක හෝ දෙකක කාලයක් ගතවන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ වැඩි වී ඇති මිල ගණන් ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සූත්‍රයට අනුව දේශීය මිල ගණන්වලට එකතු වීමට වැඩි ඉඩකඩක් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද

Shiran Viraj
Translate »