27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
Local NewsNews

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත නඩු පැවරීමට අල්ලස් කොමිසම තීරණය කරයි

වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙම චෝදනාව එල්ල වී ඇත්තේ 2015 වසරේදී ඒ මහතා පොහොර සංස්ථාවේ සේවය කළ අවධියේ සිදුවූයේ යැයි කියන මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙනි. අදාළ වකවානුවේදී මතභේදයට තුඩු දුන් විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව මීට පෙර අවසර ලබා දී තිබුණි. කෙසේ වුවද, ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු පවතින බව නිගමනය කරමින් කොමිසම මෙම තීරණයට එළඹ ඇත.

රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව ද මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය අධිචෝදනා පත්‍ර කඩිනමින් සකස් කරන ලෙස කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

Related posts

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක්

Shiran Viraj

මුහම්මදුල්ලා යළි කැඳවයි

Shiran Viraj

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

Shiran Viraj
Translate »