27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්

වත්මන් රජය ගනු ලබන තීරණ හේතුවෙන් රටේ ගොවි, ධීවර මෙන්ම කම්කරු ජනතාවගේ අනාගතය බරපතළ අනතුරකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන්ම කම්කරු ජනතාවගේ සුබසාධනය උදෙසා තම පියාණන් වන මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ආරම්භ කරන ලද “ශ්‍රම වාසනා අරමුදල” වසා දැමීමට රජය ගෙන ඇති තීරණය මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

මෙම ආයතනය පාඩු ලබන බවට අසත්‍ය තොරතුරු පතුරුවමින් එය වසා දැමීමට කටයුතු කිරීම සමස්ත කම්කරු ප්‍රජාවටම එල්ල කරන ලද බරපතළ ප්‍රහාරයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. රාජපක්ෂවරුන් විසින් ඇති කරන ලද මෙවැනි ජාතික සම්පත් අනාගත පරපුරට දායාද කරනු වෙනුවට, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඒවා ඈවර කිරීම ජාතියේ අවාසනාව බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ආයතනවලින් පළිගැනීමට ක්‍රියා කරන වත්මන් රජයේ මෙම ක්‍රියාකලාපය හෙළා දකින බවත්, එවැනි පාලනයකට “අබ සරණ ප්‍රාර්ථනා කරන” බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. දේශපාලනික පළිගැනීම් පසෙකලා ජනතාවට සෙත සැලසූ ආයතන සුරක්ෂිත කිරීමට රජය පියවර ගත යුතු බව ඔහුගේ අදහසයි.

Related posts

GMCහි ලියාපදිංචිය ගැන සයිටම් ආයතනය කරුණු දක්වයි

Shiran Viraj

බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

Shiran Viraj

ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..

Shiran Viraj
Translate »