31.7 C
Colombo
2026-07-08
mediahumanrights.lk
Local NewsNews

රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

GOV PAY යෙදුම මගින් රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගෙවීම පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රථවාහන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩී.ජේ. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ “ආශ්චර්යා” ශාලාවේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ රථවාහන වැරදි සිදු කරන රියදුරන්ට තම ජංගම දුරකථනයට GOV PAY යෙදුම බාගත කර ගැනීම මගින් අදාළ දඩ මුදල ක්ෂණිකව ගෙවීමට අවස්ථාව ලබා දීමයි. මෙම නව තාක්ෂණික ක්‍රමය හරහා රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේදී රියදුරන්ට සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් මඟහැරී විශාල පහසුවක් සැලසෙන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඩී.ජේ. සේනාධීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම විශේෂ අවස්ථාව සඳහා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර සහ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. රථවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

Related posts

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Shiran Viraj

ගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…

Shiran Viraj

උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Shiran Viraj
Translate »