27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

පසුගිය කාලසීමාවන්හිදී විවිධ රජයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කළද, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් ලබා දුන් නඩු තීන්දුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අධිකරණය ස්වාධීනව සහ අපක්ෂපාතීව සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව ජනතාව මෙන්ම තමන් ද අතිශයින් සතුටට පත්වන බව ඔහු මෙහිදී සඳහන් කළේය. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක වන බවට වර්තමාන රජය ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත්, අධිකරණය සිය වගකීම නිසි ලෙස ඉටු කිරීම පිළිබඳව තමන්ට විශාල ගෞරවයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දඬුවම් ලැබිය යුතු තවත් බොහෝ පිරිසක් තවමත් නිදැල්ලේ පසුවන බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය තීන්දු ගැනීම අධිකරණය සතු කාර්යයක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේදී අනෙකුත් නඩු කටයුතු ද නිසි ලෙස සිදු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

Related posts

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

Shiran Viraj

රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEO

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්

Shiran Viraj
Translate »