28.4 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්

රටේ මහජන සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය බඳු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන දැඩි වෘත්තීය ගැටලු සහ සේවාවේ පවතින අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව සහ දිස්ත්‍රික් නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350 කට අධික ප්‍රමාණයක සේවය කරන වෛද්‍යවරුන් නියෝජනය කරමින් පැමිණි පිරිස මෙහිදී සිය සේවා තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් නොමැති වීම, රෝගී සත්කාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් අවම වීම මෙන්ම සේවා ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලු මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය. මීට අමතරව, අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම සහ සහයක කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් පවතින්නේද යන්න පිළිබඳව ද වෛද්‍යවරුන් සිය සැකය පළ කර සිටියහ.

නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවට වඩාත් ශක්තිමත්ව දායක වීමට මෙහිදී ඒකමතික තීරණයක් ගෙන තිබේ. පවතින ගැටලු පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර වාර්තාවක් සැපයීම සඳහා විශේෂ ක්‍රියාකාරී කමිටුවක් පත් කළ අතර, එම වාර්තාව මත පදනම්ව ඉදිරි තීරණාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විධායක සභාව තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

The top street style trends of spring 2018 fashion month

Shiran Viraj

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

Shiran Viraj

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

Shiran Viraj
Translate »