31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි

පසුගිය කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයන් විශාල වශයෙන් වාහන මිලදී ගැනීමට යොමුවීම හේතුවෙන්, ඉදිරි මාසවලදී වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි. දැනට පවතින නීතිමය තත්ත්වයන්ට අනුව ආනයනය කරනු ලබන වාහන මාස තුනක් ඇතුළත අලෙවි කළ යුතු අතර, එම කාලය ඉක්මවන වාහන සඳහා වටිනාකමින් 3% ක දඩ මුදලක් අය කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම දඩ මුදල හේතුවෙන් ඇතැම් වාහන අලෙවි නියෝජිතයන්ට මසකට රුපියල් ලක්ෂ පහක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇත. එසේම, චීන අලුත් අවුරුදු සමය වෙනුවෙන් එරට වරාය සහ වෙළඳ මධ්‍යස්ථාන සති තුනක කාලයක් වසා තැබීම නිසා පෙබරවාරි සහ මාර්තු මාසවලදී පොදුවේ භාණ්ඩ ආනයනය යම් ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවැකි පළ කරයි.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය රේගුවේ වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් නොවන බව අරුක්ගොඩ මහතා අවධාරණය කළේය. මුදල් අමාත්‍යාංශය විසින් 2026 වසර සඳහා රුපියල් බිලියන 2,207 ක ආදායම් ඉලක්කයක් රේගුවට ලබා දී ඇති අතර, පසුගිය ජනවාරි මාසයේදී භාණ්ඩ ආනයනය ඉහළ යාම නිසා නියමිත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 72 ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්ව ඇත.

Related posts

අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

Shiran Viraj

දෙමල ජනතාව වෙනුවන් බලය බෙදා දෙනවා..- GL පීරිස් ඉන්දියාවේදී…

Shiran Viraj

ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..

Shiran Viraj
Translate »