25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

විදුලි ගාස්තු 11%කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ විෂයභාර අමාත්‍යවරයා එක්ව විදුලි ගාස්තු සියයට එකොළහකින් (11%) ඉහළ නැංවීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, මෙම ගාස්තු වැඩිකිරීමේ යෝජනාව ඉදිරියේදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

දැනටමත් පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙවැනි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක වුවහොත් පාරිභෝගිකයන් තවදුරටත් දැඩි පීඩාවකට පත්වන බව එම සංගමය අවධාරණය කරයි. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පිරිවැය කළමනාකරණය හරහා සහනයක් ලබාදෙනවා වෙනුවට මෙලෙස ගාස්තු ඉහළ නැංවීමට පියවර ගැනීම සාධාරණ නොවන බවයි.

Related posts

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

Shiran Viraj

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj
Translate »