mediahumanrights.lk
Local NewsNews

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක තොරතුරු ඇතුළත් වීම පිළිබඳව රජය වගකීම භාරගත යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙම බරපතළ දෝෂය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට විශාල හානියක් සිදුව ඇති බවයි.

මෙම මොඩියුල මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි හතකට අධික මහජන මුදලක් වැය කර ඇති බව පෙන්වා දුන් ස්ටාලින් මහතා, ප්‍රමිතියෙන් තොර ප්‍රකාශන මුද්‍රණය කිරීම හරහා එම විශාල මුදල් සම්භාරය අපතේ ගොස් ඇති බවද සඳහන් කළේය. මෙය ජනතා මුදල් සෘජුවම නාස්ති කිරීමක් ලෙස හෙතෙම වැඩිදුරටත් විවේචනයට ලක් කළේය.

මෙම ව්‍යාපෘතියේ පසුබිම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මෙය වත්මන් රජයේ හඳුන්වාදීමක් නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිට සැලසුම් කරන ලද්දක් බවයි. එසේ වුවද, නිසි ප්‍රමිතියකින් තොරව මෙවැනි වැදගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔහු සිය දැඩි කනස්සල්ල පළ කළේය.

Related posts

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

Shiran Viraj

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

Shiran Viraj

හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක

Shiran Viraj
Translate »