mediahumanrights.lk
Local NewsNews

2026 පාසල් කාලසටහන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිල දැනුම්දීම

පවතින ආපදා තත්ත්වය සහ යටිතල පහසුකම්වලට සිදුව ඇති හානි සැලකිල්ලට ගනිමින්, 2026 වර්ෂය තුළ පාසල් පැවැත්වීමේ වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව 5 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා නොවෙනස්ව පවතින අතර, දිනකට මිනිත්තු 45 බැගින් වූ කාලච්ඡේද 7ක් ක්‍රියාත්මක වේ. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජනවාරි 5 වන දින ආරම්භ වීමට නියමිතය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු ජනවාරි 21 වන දිනත්, 1 ශ්‍රේණියේ විධිමත් අධ්‍යයන කටයුතු ජනවාරි 29 වන දිනත් ආරම්භ වනු ඇත. 1 ශ්‍රේණිය සඳහා වන ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියේ ඉගෙනුම් මොඩියුල එම දිනවලට පෙර සිසුන් වෙත ලබා දීමට කටයුතු සූදානම් කර ඇති අතර, අනෙකුත් ශ්‍රේණි සඳහා වන පෙළපොත් බෙදා හැරීම දැනටමත් අවසන් කර ඇත.

මීට අමතරව, 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සියලු කරුණු ඇතුළත් සවිස්තරාත්මක චක්‍රලේඛය ජනවාරි 02 වන දින නිකුත් කිරීමට නියමිතය.

Related posts

ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයි

Shiran Viraj

අයි.සී.සී කාන්තා ලෝක කුසලානයට එංගලන්ත පිල සුදුසුකම් ලබයි

Shiran Viraj

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Shiran Viraj
Translate »