30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

යාපනය මව්බිම ජනතා පක්ෂ මධ්‍යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණ

මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පදිංචිව සිටින, තාවඩි ප්‍රදේශයේ පිහිටි පක්ෂ මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුව අසලට ඉන්ධන හලා ගිනි තබන ආකාරය එම පරිශ්‍රයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියේ පැහැදිලිව සටහන්ව ඇති බව වාර්තා වේ.

මෙම ගිනි තැබීම හේතුවෙන් ගොඩනැඟිල්ලේ කොටසකට අලාභහානි සිදු වී ඇති අතර, වාසනාවකට මෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති බව පැවසේ. සිද්ධිය වූ අවස්ථාවේදී අරුන් සිද්ධාර්ත් මහතා එම පරිශ්‍රයේ රැඳී සිට ඇද්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය දේශපාලනික අරමුණක් මත සිදු කළ එකක් දැයි යන සැකය පක්ෂ ක්‍රියාකාරීන් විසින් මතු කර ඇත.

යාපනය පොලීසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, CCTV දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් යොදවා තිබේ. උතුරේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සිද්ධියත් සමඟ යළිත් කතාබහක් නිර්මාණය වී ඇත.

Related posts

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

Shiran Viraj

පොල් සඳහා උපරිම මිලක්

Shiran Viraj

ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..

Shiran Viraj
Translate »