2026-11-14
mediahumanrights.lk
Local NewsNews

පාසල් පෙළපොත්වල වර්ණ සංයෝජනය පිළිබඳ සමාජ මාධ්‍ය විවාදය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කර ඇති පාසල් පෙළපොත් කිහිපයක කවර නිර්මාණය සඳහා භාවිත කර ඇති වර්ණ සංයෝජනයන් වර්තමානයේ දැඩි සමාජ මාධ්‍ය විවේචනයට ලක්ව තිබේ. මෙම පෙළපොත්වල කවර සඳහා යොදාගෙන ඇති වර්ණ රටා, ලොව පුරා සමලිංගික (LGBTQ+) ප්‍රජාව නියෝජනය කිරීම සඳහා භාවිත කරන “දේදුනු ධජයේ” වර්ණාවලියට සමානකමක් දක්වන බවට විවේචකයෝ චෝදනා කරති. මෙම වර්ණ තේරීම හුදෙක් අහම්බයක් නොවන බවට තර්ක කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මෙවැනි සංකේත වක්‍රව කුඩා දරුවන්ගේ මනසට හුරු කිරීම තුළින් සංස්කෘතිකමය ගැටලු මතු විය හැකි බව පෙන්වා දෙති.

මෙම තත්ත්වය හමුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ පෙළපොත් අනුමත කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය පිළිබඳවද ප්‍රබල ප්‍රශ්න කිරීම් මතු වී ඇත. ඇතැම් පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන ද්‍රව්‍ය සකස් කිරීමේදී මෙරට සංස්කෘතික අනන්‍යතාවයට සහ පොදු සමාජ පිළිගැනීම්වලට පටහැනි නොවන අයුරින් කටයුතු කිරීමට බලධාරීන් වගබලා ගත යුතු බවයි. මෙම විවේචන හේතුවෙන් ඉදිරියේදී පෙළපොත් නිර්මාණකරණයේදී වඩාත් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවය පිළිබඳව පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ.

Related posts

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Shiran Viraj

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Shiran Viraj

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

Shiran Viraj
Translate »