31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

නුවරඑළියට පික් මී (PickMe) පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය රියදුරන්ගෙන් විරෝධයක්

නුවරඑළිය නගරයේ පික් මී (PickMe) කාර්යාලයක් විවෘත කිරීමට එරෙහිව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ සහ වෑන් රථ සංගම්වල සාමාජිකයන් පසුගිය 09 වන දින දැවැන්ත විරෝධතාවයක නිරත විය. නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාව ආරම්භ කළ රියදුරන් පෙන්වා දුන්නේ, පිට ප්‍රදේශවලින් පැමිණෙන පික් මී රියදුරන් සංචාරකයන් ඉලක්ක කරගනිමින් ඉතා අඩු මිලට ප්‍රවාහන සේවා සැපයීම හේතුවෙන් තම දෛනික ජීවනෝපාය දැඩි තර්ජනයකට ලක්ව ඇති බවයි. කඳු බෑවුම් සහිත මාර්ගවල ධාවනය කිරීමේදී වැය වන ඉහළ ඉන්ධන පිරිවැය හමුවේ, පික් මී ආයතනය ලබා දෙන අඩු ගාස්තු යටතේ සේවා සැපයීම තමන්ට කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව ඔවුහු පවසති.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ පිට පළාත්වලින් නුවරඑළියට කුලී ගමන් රැගෙන එන රියදුරන්, අනතුරුව නගරය තුළ රැඳී සිටිමින් පික් මී යෙදුම (App) හරහා සංචාරකයන් ප්‍රවාහනය කිරීමට පෙළඹී සිටින බවයි. නුවරඑළිය නගරයට මෙවැනි බාහිර කුලී රථ සේවාවක අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කළ උද්ඝෝෂකයෝ, නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ අලුතින් විවෘත කරන ලද පික් මී කාර්යාලය වෙත ගොස් එහි ප්‍රධාන ගේට්ටුවේ විරෝධතා පුවරු අලවමින් සිය අකමැත්ත ප්‍රකාශ කළහ.

Related posts

ආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..

Shiran Viraj

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

Shiran Viraj

නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

Shiran Viraj
Translate »