33.4 C
Colombo
2026-02-09
mediahumanrights.lk
Local NewsNews

කොළඹ රථවාහන නිරීක්ෂණ කැමරා පද්ධතියේ දෝෂ මධ්‍යයේ නව නවීකරණ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ රථවාහන පාලනය සහ ආරක්ෂාව සඳහා සවිකර ඇති කැමරා 130කට ආසන්න ප්‍රමාණයකින් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට විවිධ දෝෂ හේතුවෙන් ක්‍රියා විරහිත වී ඇති බව පොලිස් රථවාහන මූලස්ථානය වාර්තා කරයි. පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මගින් පාලනය වන මෙම කැමරා පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම සහ පැරණි තාක්ෂණය සහිත කැමරා අලුත්වැඩියා නොකිරීම මෙම තත්ත්වයට මූලික හේතුව වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි. රථවාහන වැරදි සිදු කරන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුගිය කාලයේ ආරම්භ කළ වැඩපිළිවෙළට ද මෙම පද්ධති දෝෂ බාධාවක් වී ඇත.

වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, දැනට කොළඹ නගරයේ නවීන තාක්ෂණය සහිත කැමරා පහක් ඇතුළුව කැමරා 75ක් සහ කැමරා සහිත වෑන් රථ දෙකක් මගින් නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි. පවතින ගැටලුවලට පිළියම් ලෙස කොළඹ නගරය පුරා තවත් නවීන කැමරා 400ක් පමණ සවිකිරීමේ පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු අනාවරණය කළේය.

මෙම නව කැමරා පද්ධතිය ස්ථාපනය කිරීම හරහා රථවාහන කළමනාකරණය වඩාත් විධිමත් කිරීමටත්, රියදුරන් සිදුකරන වැරදි ස්වයංක්‍රීයව හඳුනාගෙන දඩ පත්‍රිකා නිවසටම යැවීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් පොලිසිය අපේක්ෂා කරයි. කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන විනය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට නියමිතය.

Related posts

රටට නව නායකත්වයක් අවශ්‍යයයි

Shiran Viraj

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

Shiran Viraj

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකි

Shiran Viraj
Translate »