28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත බව, අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දී ඇත.

නව චක්‍රලේඛයේ ප්‍රධාන විධිවිධාන

  • නව අයදුම්පත් නවත්වයි: නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතුය.
  • පවතින නිවාඩු සඳහා බලපෑම:
    • දැනට නිවාඩු ලබා සිටින නිලධාරීන්: අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.
    • අනුමත වී ඇති නිවාඩු: නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.
  • විදේශීය නිවාඩු අයදුම්පත් (සලකා බැලෙන):
    • විදේශීය නිවාඩු ලබාගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති, සියලු අවශ්‍යතා සැපිරූ නව නිවාඩු අයදුම්පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවේ.
    • අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති හෝ ලේඛනවල අඩුපාඩු සහිත අයදුම්පත්‍ර නැවත සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ඇත.
  • දේශීය නිවාඩු අයදුම්පත් (නොසලකා හැරේ):
    • දේශීය නිවාඩු සඳහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොවේ.

මෙම තීරණය මගින්, 2022 ජුනි මස 22 වනදා සිට වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා දීමට තිබූ අවස්ථාව අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තාවකාලිකව නතර කර තිබේ.

Related posts

ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයි

Shiran Viraj

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj
Translate »