2026-07-03
mediahumanrights.lk
Local NewsNews

‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයි

ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූ බවටත්, ඒ ගැන රජය නොසලකා හැරිය බවටත් එල්ල වන චෝදනා “පට්ටපල් බොරුවක්” බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (දින 04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂයට අභියෝගය

අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස අභියෝග කර සිටියේ, කවර හෝ ආයතනයක් නොවැම්බර් 12 වැනිදා නිල නිවේදනයක් හැටියට එබඳු තොරතුරක් නිකුත් කර තිබේ නම්, එය සභාගත කරන ලෙසයි.

  • නොවැම්බර් මාසය පුරාවටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තා තමා සතුව තිබෙන බව සඳහන් කළ ඔහු, කිසිම තැනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් එබඳු නිවේදනයක් නිකුත් කර නොමැති බව අවධාරණය කළේය.
  • කිසිදු නිල කරුණක් නොමැතිව, මන්ත්‍රීවරුන් ගණනාවක් එක්තරා නාලිකාවක අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බවත්, එම කරුණු විකෘති කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිල කාලගුණ විද්‍යාත්මක වාර්තා (Ditwa සුළි කුණාටුව):

නොවැම්බර් 12 වැනිදාට පෙර එබඳු කිසිදු වාර්තාවක් නිකුත් වී නොමැති බවට කරුණු දක්වමින්, අමාත්‍යවරයා නිල වාර්තා නිකුත් වූ කාලසටහන මෙසේ පැහැදිලි කළේය:

දිනය සහ වේලාවතත්ත්වය
නොවැම්බර් 25කැළඹිලි සහිත අඩු පීඩන තත්ත්වය වර්ධනය වීම ආරම්භ විය.
නොවැම්බර් 28 (උදෑසන 3:00)පීඩන අවපාතයක් පිළිබඳ වාර්තාව නිල වශයෙන් නිකුත් කරන ලදී.
නොවැම්බර් 28 (දවල් 1:00 සහ 4:00)පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වූ බව වාර්තා විය.
නොවැම්බර් 28 (රාත්‍රිය)ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව නිවේදනය කළ අතර, කුණාටුවට ‘දිට්වා’ ලෙස නම් කලේ එදිනයි.

Related posts

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Shiran Viraj

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

Shiran Viraj

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Shiran Viraj
Translate »