27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

සුගිය ආපදා තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ ආහාර ද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම සාමාන්‍ය වෙළඳපොළේ මිල ඉහළ යෑම සුපිරි වෙළඳසැල්වල මිලට වඩා තුන් හතර ගුණයකින් වැඩි බවට වාර්තා වේ.

වාර්තා වන මිල ගණන්:

  • ඇතැම් ස්ථානවල කැරට් කිලෝවක මිල රුපියල් 4,000ක් දක්වා.
  • ලීක්ස් කිලෝවක මිල රුපියල් 3,200ක් දක්වා.

වෙළඳුන් සඳහන් කරන්නේ ආපදාවෙන් පසු එළවළු සැපයීම ඉතා විශාල ලෙස පහත බැස ඇති බවයි. උඩරට සහ පහතරට ගොවි බිම් විනාශ වීම නිසා ඉදිරියේදීද එළවළු සැපයීම තවත් දුර්වල වනු ඇති බවට ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ පෙර දිනට සාපේක්ෂව අද දිනයේ එළවළු මිල යම් පහත වැටීමකට ලක්ව තිබෙන බවය.

Related posts

ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?

Shiran Viraj

අනතුරින් දරුවෙකු සහ තවත් අයෙකු මරු දකියි

Shiran Viraj

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »