28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

නාය යෑම් හා ගංවතුරින් රුපියල් බිලියන 600ක් දක්වා හානි: ආර්ථිකයට ඇතිවන බලපෑම මෙන්න

සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය මුදලින් රුපියල් බිලියන 450ත් 600ත් අතර (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 – 2) වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ගණන් බලා තිබේ.

කෙටි කාලීන බලපෑම:

  • කෙටි කාලීනව සමස්ත නිෂ්පාදන පහළ වැටීමත්, තාවකාලික උද්ධමනයක් ඇතිවීමත් නොවැළැක්විය හැකි බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, උද්ධමනය එක් කන්නයකදී අවසන් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.
  • මෙම වැය බර රාජ්‍ය මූල්‍යයට දැඩි බරක් වනු ඇත.

අවශ්‍ය ප්‍රතිසංස්කරණ:

විශේෂයෙන් මහා මාර්ග, වැව් අමුණු, විදුලිය සහ සන්නිවේදන ජාලය වැනි යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රමුඛතාවය විය යුතු බව මහාචාර්යවරයා සඳහන් කළේය.

ඔහුගේ මතය වන්නේ මෙම හානිය සුනාමියේ හානියට වඩා වැඩි යැයි කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.

Related posts

"මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" – ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO)

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක්

Shiran Viraj

ඇඳිරිනීති කාලසීමාවේ කසිප්පු පෙරූ 15ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »