27.2 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

කැළණි ගඟ පිටාර ගැලීමේ අවදානම: පහත් බිම්වල ජනතාව වහා ඉවත්වන්නැයි පොලිසියෙන් දැනුම් දීමක්

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස පොලිසිය විසින් අද අලුයම දැනුම් දී තිබේ.

කැළණි වේල්ල මතින් ජලය පිටාර ගැලීමට ආසන්න මට්ටමක පැවතීම මෙම අනතුරු ඇඟවීමට හේතුව වී ඇත. මේ හේතුවෙන්, කැලණි වේල්ලේ ස්ථාන කිහිපයකින් ඇති වූ දිය කාන්දු වළක්වා ගැනීමට වැලි කොට්ට යොදා සකස් කිරීමට කටයුතු කර තිබේ.

මෑත ඉතිහාසයේ ඉහළම ජල මට්ටම:

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ජල මට්ටම බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් ජල මට්ටම වැඩි වීමක් සිදු නොවනු ඇති බවත්, කැළණි පන්සල ආසන්නයේ පිහිටි වේල්ලේ ගංවතුර මට්ටමද දැනටමත් සැලසුම් කරන ලද උපරිම මට්ටමට ළඟා වී ඇති බවත් දෙපාර්තමේන්තුව කියා සිටී.

යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුම් දෙන බැවින්, මහජනතාව නිකුත් කෙරෙන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related posts

සමනලීට සුචරිතවාදී ප්‍රතිරූපයක්‌ ගොඩනගන්න වුවමනා නැතිලු…

Shiran Viraj

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

Shiran Viraj

ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..

Shiran Viraj
Translate »