26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

“අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දා


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, අගෝස්තු 22 වන සිකුරාදා සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, පොල්හෙන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ශිෂ්‍යයන්ගේ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරයි. තෝරාගත් මාධ්‍යවේදීන් සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් සහ පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මුදල් දීමනාවක්ද පිරිනැමේ.

ශිෂ්‍යත්ව සඳහා අයදුම්කරුවන් තෝරාගෙන ඇත්තේ සම්මුඛ පරීක්ෂණයක් මගින් සහ ඔවුන්ගේ පසුබිම් තොරතුරු අනුව බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවට

Shiran Viraj

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…

Shiran Viraj
Translate »