2026-09-24
mediahumanrights.lk
Local NewsNews

බදුරලියේදී 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ මව අත්අඩංගුවට

තම 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ බවට චෝදනා ලැබූ මවක් බදුරලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය ප්‍රදේශයේ පදිංචි මවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කඩවත ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියගෙන් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය ලබාගත් වීඩියෝ සාක්ෂි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. දැරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ, මවගේ දැනුම්වත්භාවය මත පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ ලිංගිකව එක් වී ඔවුන්ගෙන් ලැබුණු මුදල් මවට දුන් බවයි.

තම මව අත්අඩංගුවට ගනු ඇතැයි හෝ තමා පරිවාස භාරයට පත් වේ යැයි බියෙන් මීට පෙර පොලීසියට පැමිණිලි නොකළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී. වැදිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

Shiran Viraj

අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා – එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා – රයිනි ගුණතිලක

Shiran Viraj

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

Shiran Viraj
Translate »