mediahumanrights.lk
Local NewsNews

අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහළ නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අංක 2429/02 දරන හා 2025-03-24 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී සංශෝධිත අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Shiran Viraj

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj
Translate »