mediahumanrights.lk
NewsPolitical

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

උදේ පාසැල් ගිය දරුවන් පාසලේ උදේ රැස්වීමේදී ක්ලාන්ත වී ඇදගෙන වැටුණු බවද එනිසා පාසල්වල බත් බැංකුව ලෙස බැංකුවක් පිහිටුවීමට ගුරුවරුන්ට සිදුවූ බවද ඔහු පැවසීය.

නමුත් දැන් එහෙම දරුවන් ක්ලාන්තය දමා ඇද වැටෙන්නේ නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උත්සව සභාවක් අමතමිනි.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

Shiran Viraj

සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

Shiran Viraj
Translate »