30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනහමාරක් රටින් ගේන්න වෙයි..

මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න අඩු වීම නිසා සහල් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් හතර දහසක් (334,000) පමණ ආනයනය කිරිමට සිදුවනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

එය පසුගිය වසරේ දෙසැම්බර් මස 4 වැනි දින සිට 2025 ජනවාරි 10 වැනි දින දක්ව ආනයන බලපත්‍ර රහිතව සහල් ආනයනය කිරීමට ලබා දුන් කාලයේ රටට ගෙන් වූ සහල් තොග (මෙට්‍රික් ටොන් 167,000) මෙන් දෙගුණයක වැඩි වීමකැයි ද හෙතෙම මේ වසරේ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වෙන බවට ජනාධිපතිවරයා මීට දින කිහිපයකට ඉහතදී කළ ප්‍රකාශය මතපදනම්ව කොපමණ සහල් ප්‍රමාණයක් ගෙන්වීමට සිදුවෙන්නේ දැයි ඉරිදා ලංකාදීපය කළ වීමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මෙවර මහ කන්නයේ අපේක්ෂිත මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 29 ක් වුව ද ඇද හැළුණු වැසි හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක පුරෝකථන වලට අනුව එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ තුන හමාරත් පහත් අතර ප්‍රමාණයකින් අඩු විය හැකි බව කී මහාචාර්යවරයා 2022 හැරුණු විට 2019 සිට ලද මහ කන්නයේ අස්වනු වලින් අඩුම අස්වැන්නක් වාර්තා කර තිබෙන්නේ මෙවර මහ කන්නයේ (2024 ඔක්තෝබර් සිට 2025 මාර්තු දක්වා වූ කන්නය) බව ද හෙළි කළේ ය.

සහල් ආනයනයට අවසර ලබා දීමේදී රජය පරෙස්සම් විය යුතු බව අවධාරණය කළ ඔහු එහිදී ආනයනික බලපත්‍ර මතපමණක් සහල් ආනයනය කිරීමට අවසර දිය යුතු බවත් එකවර ගෙන්වීම වෙනුවට කඩින් කඩ ගෙන්වීම වැදගත් බවත් එහිදී මැයි – ජුනි, සැප්තැම්බර් – ඔක්තෝබර් සහ දෙසැම්බර් වශයෙන් සහල් ගෙන්වීමට ඉඩදීම සුදුසු බවත් පැහැදිලි කළේය.

Related posts

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Shiran Viraj

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

Shiran Viraj

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

Shiran Viraj
Translate »