mediahumanrights.lk
International News News

ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..

එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත.

එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය.

ඇමරිකාව විසින් චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට තීරු බදු පැනවීමෙන් පසු මෙම බදු යලි පනවා ඇත.

පලමු වටයේ බදු පනවමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස චීනය විසින් ඇමරිකානු භාණ්ඩ සදහා 34%ක තීරු බදු පැනවීමෙන් පසු නව තත්වය උත්ගත වී ඇත.

Related posts

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

Shiran Viraj

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

Shiran Viraj

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

Shiran Viraj