29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර සහ රක්ෂණ ඉවත් කළා මෙන් පාර්ලිමේන්තුවේදී බොරු කීමේ වරප්‍රසාදය ඉවත් කල යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සිටින පුද්ගලයින් ගැන සඳහන් කරමින් විවිධ බොරු පවසන බවත්, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස සැඟවී ජනතාව නොමඟ යවන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස සැඟවී බොරු පවසන අයට එරෙහිව ක්‍රියා කිරීමට වරප්‍රසාද කාරක සභාවට වැඩි බලතල පැවරිය යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.

‘අපි එය පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස ගෙන එනවා. නැතහොත් රජයෙන් එය කරන ලෙස ඉල්ලා සිටීමට කැමැතියි. එසේ නොමැතිනම් පාර්ලිමේන්තුවේ බොරු කීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වරප්‍රසාද කාරක සභාවට බලය පැවරිය යුතුයි. අවම වශයෙන් සිවිල් නඩුවක් ගොනු කිරීමට විධිවිධාන සකස් කළ යුතුයි. සාපරාධී අපහාස ගොනු කිරීමට අපට ඉඩ දිය හැකි නම් වඩා හොඳයි. නමුත් බොහෝ මන්ත්‍රීවරුන් එය අනුමත නොකරාවි’

Related posts

ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….

Shiran Viraj

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

Shiran Viraj

දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…

Shiran Viraj
Translate »