26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

තෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අද පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් කිරීම නතර කරනවාලු. එතකොට මේ රටේ පාරිභෝගික ජනතාවට මොකක්ද වෙන්නේ? මොකක්ද මේ රටේ කර්මාන්තකරුවන්ට වෙන්නේ? ගොවිජනතාවට, ධීවර ජනතාවට, යන්ත්‍ර සූත්‍ර හිමියන්ට සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය පුංචි ස්වයං රැකියා ලාභියාගේ ඉඳලා, සෑම පුද්ගලයෙක්ම මේ තෙල් ප්‍රශ්නය නිසා බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා.

මොකක්ද රජය කළ යුතුව තිබෙන්නේ? වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කරලා යම්කිසි විසඳුමක් ලබා දෙන්න ඕනැ. ඒ විසඳුම ලබා දෙනකන් පෙර පැවති ආකාරයට ඒ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න ඕනැ. ඔන්න ඕක තමයි විසඳුම. එය එසේ නොකර දඩබ්බර විදියට , ඒකාධිපති විදියට , ආඥාදායක විදියට තමන්ට රිසි සේ තීන්දු තීරණ ගැනීම තුළ , කොටින්ම කියනවා නම් අද ජනාධිපතිවරයා ඇතුළු රජය අයි.එම්.එෆ් එකේ වහලුන් බවට පත්වෙලා. අයි.එම්.එෆ්. එකේ අතකොලුවන් බවට පත්වෙලා. අයි.එම්.එෆ් එකට සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙනකොට ආණ්ඩුවට කිඹුහුම් යනවා. මේ විදියට රටක් පාලනය කරන්න බෑ.

පිරවුම්හල් පාසා පෝලිම් යුගයක් නිර්මාණය කරලා මේ රටේ සමස්ත ජනතාව අනාථ භාවයට පත්වී තිබෙන මොහොතක ඔබ සියලු දෙනාටම කදිම අවස්ථාවක් ලැබෙනවා අලුත් ජනවරමක් නිර්මාණය කරන්න. ශක්තිමත් කාර්යක්ෂම පළාත් පාලන සේවාවක් මේ රටේ ජනතාවට ලබා දෙන්න. නව යුගයකට නව වරමක් ලබා ගැනීමේ ගමන ආරම්භ කරනවා. රජයට අපි කියන්න කැමතියි වහාම මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න. මේ ඉන්ධන ගැටලුවෙන් පීඩාවට පත්වෙන්නේ පාරිභෝගිකයා, කර්මාන්තකරුවා ඇතුළු මුළු ජන සමාජයයි. ”

– ADA

Related posts

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනගේ පඩි වැඩිවෙයි

Shiran Viraj

අමෙරිකානු ආරක්ෂක ලේකම් උ.කොරියාවට අනතුරු අඟවයි

Shiran Viraj
Translate »