mediahumanrights.lk
Local NewsNews

මාලිමාව අප රැවටුවා.. බලාපොරොත්තු සුණු විසුනු කලා..- රාජ්‍ය සේවක වෘත්තිය සංගම් විරෝධයේ

රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවේය.

“රජයේ පළමු අයවැය ගැන ඉතා බලාපොරොත්තු සහිතව තමයි රාජ්‍ය සේවකයින් අයවැයට කන් දුන්නේ. නමුත් රාජ්‍ය සේවකයින් ඉතාමත් කලකිරීමකට පත් වන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

රාජ්‍ය සේවකයින් රවටන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.රාජ්‍ය සේවකයින් පසුගිය කාලවල පාරට බැහැල එක හඩින් කිව්වේ රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන්න කියලා. ඒ අරමුණ ඉටු කර ගන්න තමයි රාජ්‍ය සේවකයින් බහුතරයක් මේ ආණ්ඩුව පත් කර ගන්න මූලිකත්වය ගත්තේ.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කර ගැනීමේ අරගලවලට නායකත්වය දුන්නෙත් මේ පත් වෙලා ඉන්න ආණ්ඩුවමයි. ඒ රාජ්‍ය සේවකයින්ගේ බලාපෙරොත්තු අද සුනු විසුණු කරල දැම්මා. මේක රාජ්‍ය සේවකයින්ට ගැසූ බරපතල කණේ පාරක් හැටියයි අපි දකින්නේ.

රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා වැඩි කරනව කිව්වා. අපි හිතුවේ ඒක ජනවාරි මාසයේ ඉඳලම වැඩි කරලා හිඟ වැටුපත් එක්ක ලැබෙයි කියලා. එහෙම වැඩි වුනත් වැඩි වෙන්නේ 15,750 කින් ඒකත් දාල තියෙනවා 2027 වසර වෙනකම්. රාජ්‍ය සේවකයින්ට උඩ බලාගෙන ඉන්න වෙනවා මේ 15,750 ගන්න 2027 වෙනකකල්.

ඒ වගේම රාජ්‍ය සේවකයින්ට එල්ලල තිබුණා රුපියල් 7,500 ක් මේකටත් තට්ටු කරල දාල තියෙනවා.ඒකත් එකතු කරල තමයි මේ 15,750 හදල තියෙන්නේ.ඒ අනුව රාජ්‍ය සේවකයින්ට හම්බ වෙන්නේ ඉතාමත් සොච්චම් වැටුප් වැඩි වීමක්. මේක රාජ්‍ය සේවකයින් කිසි සේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.

රාජ්‍ය සේවකයින් අන්දලා තියෙනවා ලොවෙත් නැති විදිහටම. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළා කියල අපි පිළිගන්නේ නෑ. ඒ නිසා රුපියල් 25,000 කට වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයිකයින්ට අවශ්‍ය වෙනවා.එහෙම නොවුනොත් අපිට අරගලවලට යන්න සිද්ධ වෙනවා කියලා අපි අනතුරු ඇඟවීම් කරල තිබ්බා.

මේක මිට පෙර අරගල කරල රනිල් වික්‍රමසිංහ අපි ආණ්ඩුවට පවසපු දේ. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධයක් තියාගෙන තමයි මේ විදිහට රාජ්‍ය සේවකයින් නොමඟ යවල තියෙන්නේ.”

Related posts

කැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවර

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj

ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බිය නිසා පිරවුම්හල් අසල දිගු පෝලිම්; පවතින තොග ප්‍රමාණවත් බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Shiran Viraj
Translate »