2026-08-20
mediahumanrights.lk
Local NewsNews

පොලිස් ත්‍රිවිලයේ බැටරිය සොරගෙන යයි..

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු ත්‍රිරෝද රථයක බැටරිය සොරගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂණයක් ආරම්භ කර ඇත.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවකට පෙනි සිටිම ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අධිකරණය පිවිසෙන මාර්ගයේ ඉදිරිපට ප්‍රධාන මාර්ගයේ ඔහුට අයත් ත්‍රිරෝද රථය ගාල් කර නඩු කටයුත්ත අවසන් විමෙන් පසු යලිත් ත්‍රිරෝද රථය අසලට පැමිණි විට ත්‍රිරෝද රථයේ බැටරිය සොරකම් කර ඇති බවට තහවුරු විමෙන් පසු ඒ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

අධිකරණයේ නඩු කටයුතු සදහා පැමිණෙන පිරිස් මෙම මාර්ගයේ තමන් පැමිණෙන වාහන ගාල් කිරිම සිදු කරන අතර, මෙම සොරකම ඉතා සුක්ෂම ලෙස සිදු කර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ෂණ ආරම්භ කර ඇති බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පැවසිය.

Related posts

හවසට ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

කේක් කන්නේ බලාගෙනයි

Shiran Viraj

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Shiran Viraj
Translate »