27.2 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී ඇත.

ඒ හේතුවෙන් ඔහු එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

‘මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා.

මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස් වාහනයෙන් බැස ඇතුළට යන විට පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා’ යයි හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙම සිද්ධියේදී එවැනි කිසිවක් සිදු නොවූ බවත් දෙදෙනාම තල්ලු කර දැමූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Shiran Viraj

ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

Shiran Viraj
Translate »