mediahumanrights.lk
Local NewsNews

පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..

පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන වෙඩි තැබීමට තැත් කිරීම්, ගිනිඅවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ගණනාවකට අදාලව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු 2025.02.16 වන අද දින කටුනායක ගුවන්තොටුපලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇත.

මෙම සැකකරු විදෙස් ගතව සිටිය දී එරට පොලිසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රි ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම පරිදි මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණිමේ දී සැකකරු සහ වයස අවුරුදු 25 වූ ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව ගුවන්තොටුපල ඒකකයේ රඳවා තබා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු
නම – පුෂ්පරාජ් විග්නේෂ්වරම්
වයස – අවුරුදු 30
ලිපිනය – ජම්පටා වීදිය, කොළඹ 15
2022.04.21 වන දින වෙරළබඩ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට තැත් කිරීම (මෙම වරද සඳහා අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.)
2018.01.06 වන දින කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙරට නිෂ්පාදිතරිවොල්වර් වර්ගයේ ගිනි අවියක් ලඟ තබා ගැනීම.
2017.03.25 වන දින කොටහේන පොලිස් වසමේදී ගංජා සන්තකයේ තබා ගැනීම.
කොටහේන පොලිස් වසමේදී අවස්ථා කිහිපයකදී හෙරොයින් සන්තකයේ තබා ගැනීම

මීට අමතරව මෙම සැකකරු මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීමට අදාලව හා ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන වැරදිවලට අදාලව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු වේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා ඔහුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

Shiran Viraj

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ

Shiran Viraj

පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..

Shiran Viraj
Translate »