26.1 C
Colombo
2026-10-04
mediahumanrights.lk
Local NewsNews

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

අවුරුදු 27 ක සිට තිබෙන වැටුප් විෂමතාව තවමත් එලෙසම බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

” අවුරුදු 27ක් තිස්සේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට තිබුණු වැටුප් විෂමතාව තවත් වැඩි වීමක් මේ අය-වැය හරහා සිද්ධ වෙලා. ඒ නිසා විදුහල්පති දීමනාව වැඩි කරන්න, වැටුප් වර්ධන සම්බන්ධ ගැටලු සියල්ල විසඳන්න, දුරකථන දීමනාව ඇතුළු අනෙකුත් දීමනා මේ අය-වැයෙන් ලබා දෙන්න. මෙන්න මේ ඉල්ලීම් මුල් කරගෙන ලංකාවේ සියලු ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් අය-වැය අවසානයට පෙර කොළඹට කැඳවන්න විධායක සභාව තීන්දු කරලා තිබෙනවා.”

Related posts

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Shiran Viraj

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයි

Shiran Viraj

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Shiran Viraj
Translate »