mediahumanrights.lk
Local NewsNews

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..

මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ජනවාරි මස සිට එම සමාගමට අයත් සියලු ඉන්ධනහල් වල මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත භාර දී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටට ඉන්ධන සැපයීම හා අලෙවිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග වසර 20 ක් සඳහා ගිවිසුම් ගත වුව ද, ගිවිසුම ප්‍රකාරව ක්‍රියාත්මක වීමේ ඇති අපහසුතා හේතුවෙන් වසරක් ගත වීමට ද පෙර මෙසේ මෙහෙයුම් වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ලැබී ඇති තොරතුරු වලට අනුව, සමාගමට අයත් සියලු දේපළ නැවත භාර දෙන ලෙස යුන්යිටඩ් පෙට්‍රෝලියම්හි ප්‍රධාන විධායක නිලධාරි නයිජර් සිමන්ස්, සමාගමේ සියලු සේවකයන්ට ලිපියක් මඟින් දැනුම් දී ඇත.

සමාගමේ මේ තීරණය සම්බන්ධයෙන්, ආණ්ඩුව හා එම සමාගම අතර සාකච්ඡා පැවැත්වෙන්නේ ද යන්න ගැන විමසීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

මේ අතර සමාගමේ මෙම තීරණයට එරෙහිව එහි සේවකයන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලමින් සිටින බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්

Shiran Viraj

පුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..

Shiran Viraj

අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

Shiran Viraj
Translate »