2025-12-10
mediahumanrights.lk
Local NewsNews

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..

යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමර් පොන්නම්බලම් මහතාට 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මල්ලාකම් අධිකරණය විසින් නොතීසි නිකුත් කොට ඇත.

කන්කසන්තුරෙයි පොලීසිය විසින් 11 වනද මල්ලාකම් අධිකරණයෙන් තහනම් නියෝගය ලබාගෙන තිබුනේ ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහත ඇතුලු අධාරකරුවන් පිරිසක් විසින් තිස්ස විහරය ඉදිරිපිට විරෝධථා දක්වමින් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරාවි යන අවධානම හේතුවෙනි.

එමෙන්ම බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ එදින තිස්ස විහාරයට ප්‍රහාරයක්ද සිදුවිය හැකි යන අවධානම හේතුවෙන් පොලීසිය විසින් අධිකරණ තහනම් නියෝගය ලබාගෙන තිබුනේ තිස්ස විහාරය අසල කිසිදු අයුරකින් විරෝධතාවයේ නිරත විය නෙහැකි බවට දැනුම් දෙමිනි.

කෙසේ වෙතත් අදාල අධිකරණ තහනම් නියෝගය කඩකරමින් ඊයේ (12) දින ගජේන්ද්‍රකුමර් පොන්නම්බලම් මහත ඇතුලු ආධාරකරුවන් පිරිසක් විසින් කලු කොඩි ඔසවමින් තිස්ස විහාරය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූවේ වහාම තිස්ස විහාරයේ ඉදිකිරීම් නවතා දමන ලෙසට ඉල්ලමිනි.

Related posts

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

Shiran Viraj

කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

Shiran Viraj

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

Shiran Viraj
Translate »