28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමකට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට යන බව වාර්තා වේ.

එම ප්‍රසිද්ධ සමාගම ඉදිරිපත් කර තිබූ අඩුපාඩු ගණනාවක් හේතුවෙන් මුල්වටයේ අනුකූලතා පරීක්ෂණයේදීම ප්‍රතික්ෂේප වී තාක්ෂණික ඇගයීමට පවා ලක් නොකළ සමාගමක් බවද පැවැසේ.

එම බලාගාර ව්‍යාපෘතිය සඳහා සමාගම් පහක් ටෙන්ඩපත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් සමාගම් දෙකක් මුල් වටයේදීම ප්‍රතික්ෂේප වී තිබිණ.
එම ප්‍රතික්ෂේප වූ සමාගම දෙකට මේ වන විට ටෙන්ටරය ලබාදීමට කටයුතු කරන සමාගම අයත් වීමද විශේෂත්වයකි.

ඒ අනුව නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ඇමැති මණ්ඩලයේ සාකච්ඡා සම්මුති කමිටුවේ ද නිර්දේශය මත සුළං බලාගාර ටෙන්ඩරය ලබාදීමට වෙනත් සමාගමක් තෝරාගෙන තිබුණා.

එහෙත් ඉන් පසුව ඉදිරිපත් වූ අභියාචනා සලකා බලා මුලදී ප්‍රතික්ෂේප වූ සමාගමේ මිල ලන්සුව තාක්ෂණික ඇගයීමක් නොකරම විවෘත කර ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් එම සමාගමට බලාගාර ව්‍යාපෘතිය ලබාදීමට දෙවැනි වටයේදී ඇමැති මණ්ඩලයේ සාකච්ඡා සම්මුති කමිටුව නිර්දේශ කර තිබේ.

එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට තාක්ෂණික ඇගයීම් කමිටුව දැඩි ලෙස විරෝධය දක්වා ඇතත් එය නොසලතා කිසියම් බලපෑමක් මතඑම සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ලබාදීමට බලධාරින් කටයුතු කරමින් තිබෙන බව ද පැවැසේ.

මෙම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් දේශපාලන බලපෑම් මත එම සමාගමට ලබාදී ඇති අතර විදුලි බල හා බලශක්ති ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ලබාගෙන තිබේ.

මුලදී ටෙන්ඩරය ලබාදීමට තෝරාගෙන තිබූ සමාගම ප්‍රතික්ෂේප කරමින් අඩුපාඩු සහිතව ටෙන්ඩර් පත ඉදිරිපත් කළ සමාගමට මෙම ව්‍යාපෘතිය ලබාදීමට හේතු වශයෙන් කැබිනට පත්‍රිකාවේ සදහන්කර ඇත්තේ එම සමාගම විදුලිය කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ගත0.23 ක මුදලක් අඩුවෙන් ඉදිරිපත් කිරීම සලකා බැලු බවය.

එහෙත් නිසි පටිපාටියට ටෙන්ඩරයක් ප්‍රදනය කිරීමේදී මුදල පමණක් නොව කරැණු ගණනාවක් සලකා බලන අතර විශේෂයෙන් ටෙන්ඩර් කරුවන්ගේ මූල්‍ය හැකියාව හා වෙනත් කරුණු රැසක් අධ්‍යයනය කෙරේ.

මෙම ප්‍රසිද්ධ සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩර් යෝජනාවේ ඇති ප්‍රධාන අඩුපාඩු අතර තාක්ෂණික මෙන්ම මූල්‍ය ශක්‍යතා අඩුපාඩු රැසක් පවතින බව තාක්ෂණික කමිටු වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත. සමාගමේ අනන්‍යතාව පිළිබඳ ගැටලුව, මූල්‍යමය හැකියාව සපුරා නොමැති වීම ඊ.පි.සී. කොන්ත්‍රාත්කරුට සැපයීය යුතු පළපුරුද්ද නොමැති වීම එම අඩුපාඩු වේ.

Related posts

ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

Shiran Viraj

දික්වැල්ල වරද පිළිගනී – ඊයේ තරගයේ රෙගුලාසිවලට පටහැනි තැනක් හසුවේ

Shiran Viraj

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

Shiran Viraj
Translate »