28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ජල විදුලි බලාගාර සියල්ල නවතී..

දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

දිවයින පුරා මෙවැනි විදුලි බිද වැටිමකදි ස්වයංක්‍රියව ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය නතර වන බවත්, ඉන් අනතුරුව පළාතින් පළාතට විදුලි බලය ලබාදිම සදහා ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය යලි ආරම්භ කරන බව එම නිලධාරියා කියා සිටියේය.

මේ අතර විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන ප්‍රදේශ සහ ආයතන කිහිපයකට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේය.

Related posts

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

Shiran Viraj

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

Shiran Viraj

ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාව

Shiran Viraj
Translate »