mediahumanrights.lk
Local NewsNews

රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ.

ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම මතයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ ඇමති ගමගෙදර දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පහසුකම් නොමැති වීම මත ව්‍යාපෘතිය අතරමග නතර වී ඇති බවයි.

මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රිලවුන් වනධ්‍යකරණය කිරීමෙන් ගහනය පාලනයට හෝ වගා හානි නැවැත්වීමට නොහැකි බවත් එය ඒ හරහා තවදුරටත් ගැටලු වර්ධනය වනු ඇති බවය.

Related posts

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

Shiran Viraj

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

Shiran Viraj
Translate »