mediahumanrights.lk
Local News News

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..

සති අන්ත නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් වරද පිලිගත් නිසා චුදිතයන් වෙත මහෙස්ත්‍රාත්වරයා දඩ මුදල් නියම කර ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය.

ශ්‍රි පාද දක්වා දුම්රියෙන් සහ හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශ නිල සුනඛ අංශයේ සුනඛයන්ගේද සහය ඇතිව මාර්ග බාධක යොදා සොදිසි මෙහෙයුම් සිදු කල බවත්, එම සොදිසි මෙහෙයුම් වලදි ගංජා, මදන මෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක් මෙම සොදිසි මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙන නොයෙන ලෙසයි පොලිස් අධිකාරිවරයා වන්දනාවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj

මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් – මූලධර්මවලට වැඩි ඉඩක්

Shiran Viraj

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj