26.1 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

දුම්රිය ප‍්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරී

දුම්රිය ප්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයේ බලපෑම සහ දුම්රිය නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිලදී ගැනීමට නොහැකි වීම බව නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ධම්මික ජයසුන්දර පැවසීය.

ඊට අවශ්‍ය උපකරණ කඩිනමින් ලබාගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනයට එක්කරන බව ද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

හෙතෙම මේ බව කියා සිටියේ දුම්රිය මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී වැඩ බාරගැනීමෙන් අනතුරුවය.

දුම්රිය දෙපාර්තමේන්තුවට පුද්ගලයන් වැදගත් නැති බවත් සේවයෙන් පමණක් ඇගයීම ලැබෙන බවත් කී සාමාන්‍යාධිකාරීවරයා රටේ ජනතාව සතුටු වන කාර්යක්ෂම සේවයක් ලබාදීමේ වගකීම තමා බාරගන්නා බවද සඳහන් කළේය.

‘‘සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට වසර දෙකක කාලයක් සහ රුපියල් බිලියන ගණනක් වැය වන බව ප්‍රකාශ කළත් එම මාර්ගය දින පනස් හතකින් නවීකරණය කිරීමට දුම්රිය සේවකයන්ට හැකි වුණා.

වඩාත් දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් තවමත් දෙපාර්තමේන්තුවේ සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව නොබෝ කලකින් දියුණු කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් හා උසස් වීම් සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් හා සාකච්ඡා කර විසඳුම් ගෙන එනවා.

ඒ වගේම දුම්රිය ඉඩම්වල පදිංචි වී සිටින අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් දුම්රිය ආඥා පනතට අනුව ඉදිරියේදී කටයුතු කරනවා’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

Shiran Viraj

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

Shiran Viraj

හම්බන්තොට විරෝධතාවයේ දී අත්අඩංගවට පත් 31ක් දෙනා ඇප මත නිදහස්

Shiran Viraj
Translate »