mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..

ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහුගේ නමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ තිහක මුදලක් මුදා හැර තිබිම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

‘‘මම වගේ අසරණ මිනිහෙක් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ තිහක් ගත්තේ වකුගඩුවක් බද්ධ කරන්න. අනික ඔය ලක්ෂ තිහ ගෙවලා ඇවිල්ල තියෙන්නෙ මගේ බැංකු ගිණුමටවත් මගේ පවුලේ අයගේ බැංකු ගිණුමකටවත් නෙවේනේ. ඔය සල්ලි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මම වකුගඩු සැත්කම කරපු වත්තල පෞද්ගලික රෝහලකට.

අනික මේ ලක්ෂ තිහ වෙන් වුණේ මගේ වකුගඩු සැත්කමේ රෝහල් ගාස්තු විදිහට විතරයි. ඕනම කෙනෙක් දන්නවා ලක්ෂ තිහකින් වකුගඩුවක් බද්ධයක් කරන්න බැහැ කියලා.

අන්තිමේදි මගේ සැත්කම ඉවර වෙලා ඉස්පිරිතාලෙ මාස තුනක් ඉන්නකොට රෝහල් බිල විතරක් කෝටියක්. මිලියන දහයක්. ඒ ගාස්තුව මං හොයා ගත්තේ මගේ වාහනෙත් විකුණලා.

හැමෝම කෑගහන්නේ මම ගත්ත මුදලටනේ. ඒත් මම මැදිහත් වෙලා රෝගීන් කී දෙනෙක්ට ජනාධිපති අරමුදලේ මුදල් අරගන්න උදව් කරලා තියෙනවද.

මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට ඇවිල්ලා එක වංචාවක් වත් කරපු මිනිහෙක් නෙමෙයි. අඩු ගානේ මදුරුවෙක්වත් මරල නැහැ. එහෙම මනුස්සයට මේ වගේ මුදලක් ලබාදීම සාපරාධී වරදක් නම් මාව එල්ලා මරනු මැනවි”

Related posts

විමල්ගේ නඩුවේ නීති උපදෙස් කඩිනම් කරන්නැයි අධිකරණයෙන් සිහි කැඳවීමක්

Shiran Viraj

Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…

Shiran Viraj

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

Shiran Viraj
Translate »