mediahumanrights.lk
Local NewsNews

යාපනේට ගංවතුර…

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ තුනකට මේ වන විට සුලු ගංවතුර තත්වයක් බලප ඇති අතර ඉන් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩවන්ට පත්ව ඇති බවටත් නිවස කිහිපයකටද හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.

යාපනය ගුරුනගර් ප්‍රදේශය , නල්ලූර් සහ කයිට්ස් ප්‍රදේශයන් වෙතට මෙලෙස ගංවතුර අවධානමක් පවතින අතරම නිවස 10 කට පමණ අර්ධ හානි සිදුව ඇතැයිද ආපදාකලමනකරන නිලධාරීන් පැවසීය.

සතියකට ආසන්න කාලයක් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතව සහ දේපල ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.

Related posts

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

Shiran Viraj

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

Shiran Viraj

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj
Translate »