30.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..

රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සහල් හිඟයට පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික්⁣ ටොන් 70,000ක සීමාවට යටත්වසතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනයට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට ඉන්දියාවෙන් නාඩු සහල් ආනයනය කිරීමටයි.

කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුලේ තිබෙන බවත් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

Related posts

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Shiran Viraj

ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්

Shiran Viraj

දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

Shiran Viraj
Translate »